Thursday, June 1, 2017


How many people can concern of this Idea




Scroll down for the English version)
>
> මතකද නුඹට
> අමතක කරලා ඇති  නුඹ
> නුඹ මා මරන්න එලවද්දී
> එක් අතක අත් දරුවව
> එක් අතක බලු පැටවාව
> ගෙන දිව්වෙමු.
>
> බලු පැටවා වෙනුවෙන් ඇඩු මට
> නුඹ වෙනුවෙන්  අඩන්නට නොහැක්කේද?
> සමාවෙන්න සොයුර
> මා සතුව කඳුළු ඉතිරිව නැත
> Sr
> නුඹ  වතුරෙන් විඳවනවා
> අප කඳුළින් විඳවනවා
>
> මේ ගංවතුර හිදී හෙට
> සුවෙන් ඉඳී නුඹ
> මුළු ලෝකයා නුඹ වෙනුවෙනුත් හෙට
>
> සිහල  සොයුර
> නුඹ වෙනුවෙන් අඩන්නට
> සුදානම් මට
> කඳුළු නැත සතුව
>
> නුඹව රකින්නට
> දෑත් දිගරින්නට
> එන්න තිබුණි නම්  මට
> බැරිය මට එන්නට
> නැත මගේ කකුළ
> කපා දැමුවේ නුඹ
> අමතක කරලා ඇති නුඹ
> ඒත් අමතක කරන්න බැරිය මට
> ඇවිදින්නට නොහැකි මට
>
> අඩ පනැතිව නන්දිකඩලෙහි ගිලෙන විට
> මා වෙනුවෙන් කිසිවෙකු නැත ආවේ සහයට
> තව ද  කවුරු ත් එන්නේ නැත අප වෙත
> දැන් ඒම අවශ්‍යද නැති කොට
>
> සිහල සොයුර
> නුඹ වෙනුවෙන් අඩන්නට
> සුදානම් මට
> සතුව කඳුළු නැත ඉතිරිව
>
> පොකුරු පොකුර ලෙස
> ලපටි දරු දළු
> කෑලි කෑලිව
> ඉරී බඩවැල
> ඉරී හැම හම
> ගොස් හැකිළී ද
> පන නැති ඔළු ගෙඩිව
> හැගීම් අහිමි කෘමීන්  ලෙස
> මෙවැන් වූ මසකදී ම
> අඩුවේ අපි අහසත් දෙදරන්න
>
> ඇත්ත කියාපන් නුඹ
> අසුනේද ඒ හඬ නොඇසුනේද
>
> මා වෙනුවෙන් නුඹ
> එක් අතක්වත් දිගු කරේ නෑ නේද?
>
> මා වෙනුවෙන් නුඹ
> එක් කඳුළු බිදක්  වත් හැලුවේ නෑ නේද?
>
> මා වෙනුවෙන් දකුණෙන්
> එක් හඬක්වත් ඇහුණේ නෑ මට
>
> කියාපන් නුඹ
> යුද්ධ කෙරුණේ
> නුඹත් මාත් අතරද ?
> එහෙනම්, ඇයි නිහඬව හිටියේ නුඹ ?
> එහෙනම්, ඇයි හැරුණේ නුඹ ?
>
> යුද්ධය නුඹ
> ඉදිරියේ මාව
> සපා කා
> බැඳ අත් පිටුපස
> කළු රෙද්දෙන් වසා ඇස් දෙක
> පයින් ගසා පිටට
> ගසා පිටු පස ඔළු ගෙඩියට
> කා උරා විසි කර
> අත් සෝදා ගිය විට
> හම්බන්තොට අළුත්ගම
> රතින්ජා පත්තු කර
> සමරමින් සිටියා නුඹ
>
> පසු එක් දිනයක
> දෙදරන්න අහස
> ඉරෙන්න උගුරු දණ්ඩ
> හඬා වැලපෙන විට
> පත්තු කර සතුටු වූ
> චීන වෙඩි හඬ ට
> නොඅසුනේය  අපගේ මර ලතෝනි හඬ
>
> නුඹ වෙනුඑන් අඩන්නට අද
> සුදානම් මට
> සතුව නැත කඳුළු ඉතිරිව
>
> ගිය සතියේ නන්දිකඩලෙහි
> මගේ අයියා වෙනුවෙන් අඩමින් ඉන්නා විට
> අම්මා කෙනෙකු තම පුතු සොයා මුල්ලිවායික්කාල් වල
>
> සොයුර නුඹ ද
> කිළිනොච්චියේ “සිංහ ලේ” කොඩි දමන්න
> යාපනයේ විහාර වලට මුල් ගල් තියන්න
> සිතන් සිටියා නේද?
>
> කොළඹ වීදි වල
> වෙඩි පත්තු කර
> කිරි බත් කන්න ජය සැමරුම් වල
> බලා සිටියා නේද?
>
> නුඹ අමතක කරලා ඇති එය
> ඒත්,මා  අමතක කරේ  නැති  එය
> අමතක කරන්නට මට බැරි එය
> අමතක කරන්නට හොඳ නැති  එය
>
> නුඹ වෙනුවෙන් අඩන්නට
> සුදානම් මට
> නුඹ වෙනුවෙන් අඩන්නට
> නුඹ වෙනුවෙන් දෑත් දිගරින්නට
> බැරිය මට
> නැත කකුල් හා දෑත්
> මෙවැන් මසකදී නුඹ
> කපා විසි කළ
>
> නුඹ අමතක කරලා ඇති එය
> ඒත් බැරිය අමතක කරන්නට මට
> ඇවිදින්නට කකුල් නැති කොට
>
> සිහල යාළුවේ,
> නුඹ වෙනුවෙන් අඩන්නට
> කැමති මට සතුව නැත
> කඳුළු ඉතිරිව
>
> නුඹේ දුකේ දී මම
> අත දෙන්නට නුඹට
> මින් මතුවට වත් නුඹ
> දිගු කරන්නේ ද දෑත
> බලා ඉන්නෙමි මම
>
> ලබන අවුරුද්දේ මුල්ලිවායික්කාල් වල
> මා කැටුව පහන
> දල්වන්නට නුඹ
> පැමිණෙන්නේ යැයි සිතා
>
> ආරියකුලමේ බුදුන්ගෙන්
> නුඹ වෙනුවෙන් මම
> ප්‍රර්ථනා කරන්නම් අද
> මා රැක නොගත් බෝරජාණෝ
> රැක ගනීවී නුඹව හෙට
>
> written  by දෙමළ කොල්ලා
>
> Sinhala translation by @sivalingam Anu
>
> ---/////----
>
> My dear Sinhalese Friend!
>
> I want to cry for you.
> But I have no tears to shed!
>
> I could have extended my hands
> to save you ..
> I could have rushed to save you
> But I couldn't,
>
> I couldn't come to save you as it is in this month you severed my legs
> You may have forgotten.
>
> But I couldn't
> Because I can't walk anymore!
>
> Do you remember my friend?
> You may have forgotten
> When you were pursuing us with murderous intent.
> We were running with an infant in one hand and a puppy in another.
>
> We cried for our puppy.
> Wouldn't we cry for you my friend?
> However,
> Forgive me my friend
> We don't have any more tears to shed !
>
> You are swaying in water, but
> We swayed in tears my friend.
>
> Tomorrow the floods will recede and you shall recover,
> The whole world will come to your aid!
>
> When we were  bleeding to death in "Mullivaikal",
> No one came to our  rescue.
> They won't come anymore.
> We don't need them either!
>
> My dear Sinhalese Friend!
> I want to cry for you...
> But I have no tears to shed.
>
> We lost thousands of our
> Young and old...
> Babies and infants,
> Torn intestinal and
> Bleeding wounds...
> Starved stomachs...
> Lifeless bodies ...
> We are Senseless insects!
> We are cursed slaughters!
>
> It is  in this month
> Our cries were shaking the skies!
>
> Be honest my dear friend
> Didn't you hear our pleas?
>
> There was no arm...
> extended towards me!
> No tear shed for me !
> No voice raised for me!
> from South.
>
> Was the war between you and me?
> No it wasn't.
>
> Why were you silent  my friend?
> Why did you walk away?
>
> When War
> Teared...
> Handcuffed...
> Blindfolded...
> Kicked and
> Destroyed us...
> Right in front of
> your eyes!
> You were lightening fire crackers in
> "Hambantota" and "Aluthgama"
> Celebrating its victory !!
>
> Days  later
> We were lamenting
> Behind barbed wires ...
> You couldn't hear our lament.
> In the midst of the sound from fire crackers!!
>
> My dear Sinhalese Friend!
> I want to cry for you...
> But I have no tears to shed!
>
> Last week
> In "Mullivaikal"
> I was mourning my Brother,
> Who died in this shores.
>
> A mother was
> Searching for her son...
> She lost in the "Mullivaikal" coast.
>
> However you were busy
> Raising the "Singha le" flags
>  in the street of "Killinochi"!
> And...
> Laying foundation for a "vihara" in jaffna !
>
> You were celebrating the victory
> By lightening crackers
> And eating "kiri buth" in the streets of Colombo!
>
> You may have forgotten.
> But I haven't.
> I shouldn't forget,
> I can't forget either !!
>
> I can't cry for you
> I can't extend my arm to help you
> I can't rush to be with you.
> Because;
> It is in this month
> You severed  my legs!
> It is in this month
> You severed my hands !
>
> You may have forgotten.
> But I haven't.
> Because I can't walk !
>
> My dear Sinhalese friend!
> I want to cry for you ...
> But I have no tears left !
>
> However,
> I am waiting for you
> to extend your arm towards me,
> So that I can solace you in future!
>
> I hope and pray to the Lord Buddha!
> Next year
> you will
> Join me in lightening
> a flame of remembrance
> In "Mullivaikal".
>
> Again i pray to the Lord Buddha !
> Who failed to save me
> May rescue you !!!
>
> Your dearest;
> Tamilfriend.
> (Vimale)
>
>
> Written in tamil by Sabaratnam Vimaleshwara
>
> English translation by Jude Prakash
>
>
>

No comments:

Post a Comment